Advertisement

Responsive Advertisement

[ TV Series 2016 ] The Last Ship [S03 : E01] with Sinhala Subtitles| නව යුගයක නව සතුරන්… [සිංහල උපසිරසි සමඟ]


කතාව මුල ඉඳන් මෙහෙයිනේ වුනේ… හමුදා අභ්‍යාසෙකට කියලා නේතන් ජේම්ස් කියන නෞකාව කපිතාන් චැන්ඩ්ලර් යටතේ මාස තුනක කාලයකට මුහුදට යැව්වා. මේ එක්කම මුහුද මැදට යන්නට තවත් අමුත්තෝ දෙන්නෙක් එකතු වුනා. ඒ තමයි ඩොක්ටර් රේචල් ස්කොට් සහ ඩොක්ටර් ක්වින්සි ටොෆෙට්. පුහුණු අභ්‍යාසය අවසන් වුනාම නැවත ගෙදර එන්න සූදානම් වීමත් එක්කම, නැවත අණදීමක් ලැබෙනවා නේතන් ජේම්ස් වලට. ඒ තමයි තවත් කාලයක් මුහුදේ ඉන්න කියලා. මේ ගැන කපිතාන් ඇතුලු හැමෝම තරහෙන් ඉඳිද්දී ඩොක්ටර් රේචල්ගෙන් දැනගන්න ලැබෙනවා එයාලා මුහුදේ මැද ගත කරපු මාස 3ක කාලය ඇතුලත ලෝකේ බාගෙට බාගයක් වෛරසයක් නිසා විනාශ වෙලා ගිහිල්ලා කියලා.

ඉතිං මේ පුවතත් එක්ක කලබල ඇතිවුනාම ඒවත් සමථයකට පත් කරගන්න අතරේ, ප්‍රතිකාරය සොයාගැනීමේ කටයුතුත් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රතිකාරය අයිති කරගන්න තවත් සතුරෝ මෙයාලා පස්සේ එනවා.

පලමු සමයේදී රුසියන් කපිතාන් කෙනෙක් මෙයාලගෙන් ප්‍රතිකාරය උදුර ගන්න හැදුවා. ඒ වගේම පලමු සමය අවසානයේදී ඇන්ඩර්සන් කියලා ඇමරිකාවේ බලය අතට ගත්තු ගෑණු කෙනෙක් තෝරාගත් අයට විතරක් ප්‍රතිකාරය දෙන්න ඕනේ කියලා ගැටලු ඇතිකලා. ඒ වගේම එයින් පස්සේ වෛරසයට ස්වාභාවිකවම ප්‍රතිශක්තිය තියෙන අය එකතු වෙලා ලෝකයේ පාලනය අතට ගන්න හැදුවා. එයාලා ප්‍රතිකාරය විනාශ කරන්න තමයි තැත් කලේ.

මේ තැත් කිරීම් හැම දෙයක්ම අවසානයේ ඇමරිකානු නේතන් ජේම්ස් නාවුක හමුදා කණ්ඩායමට පුළුවන්කම ලැබුණා ජයග්‍රහණය ලබාගෙන ප්‍රතිකාරය පතුරුවන්න කටයුතු කරන්න.

මේ අතරේ ප්‍රතිශක්තිකයින් අතරින් ඉතුරු වුනු එක කෙනෙක් ඇවිල්ලා අවසානයේදී ඩොක්ටර් රේචල් ස්කොට්ට වෙඩි තිබ්බා. එතනින් එහාට මොනවා වුනාද කියලා අපි කවුරුවත් තාම දන්නේ නෑ.

ඉතිං අද කතාවේ හැමෝම බලාගෙන ඉන්නේ ඩොක්ටර් රේචල්ට මොකද වුනේ කියන එක ගැන දැනගන්නත් එක්කලා වෙන්න ඇති.වැඩිය කතා ඔන නෑ එහෙනමි  බලලාම ඉන්න

The Last Ship [S03 : E01] with Sinhala
Subtitles|නව යුගයක නව සතුරන්[සිංහල උපසිරසි සමග]

සිංහල උපසිරසි - www.baiscopelk.com/the-last-ship-s03-e01/

480p (201MB) - http://dl2.film2movie.info/serial/The%20Last%20Ship/S03/The.Last.Ship.S03E01.480p.Film2Movie_BiZ.mkv

720p (271MB) - http://dl2.film2movie.info/serial/The%20Last%20Ship/S03/The.Last.Ship.S03E01.720p.Film2Movie_BiZ.mkv

Post a Comment

0 Comments