Advertisement

Responsive Advertisement

නිතර ඇසෙන ප්‍රශ්ණ සදහා පිලිතුරැ



《《《කරැණාකර උපුටා ගැණිමෙිදි කුතිය අයිතිය සුරකින්න මෙිහි පුර්ණ අයිතිය Nishan Phone Service සතුය 》》》



《《 Root 》》



ගොඩක් ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල මෙහෙයුම්
පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව
භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ
කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල්
කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන
සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ
කියන්නේ අපිට අපේ ඇන්ඩ්රොයිඩ් සිස්ටම් එකට
අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්.



《《 Bootloader 》》



බූට් ලෝඩර් යනුවෙන් හැඳින්වෙන්නේ ඕනෑම
මෙහෙයුම් පද්ධතියක් ධාවනය වීමට පෙර ක්රියාත්මක
වන වන වැඩසටහනකි. මෙය අපේ පරිගණකය වල
මෙන්ම සියලුම ස්මාට් ෆෝන් වල ද ඇතුලත් ව තිබේ.
මෙම වැඩසටහනේ කාර්ය භාරය වන්නේ මෙහෙයුම්
පද්ධතිය කර්නලය වෙත බූට් කිරීමයි. බූට් ලෝඩරය
දුරකථනයේ ඇති හාඩ්වෙයා පහසුකම් සමග වෙනස්
වේ. එනම් එක ප්රොසෙසරයකට ලියූ බූට් ලෝඩර්
වැඩසටහනක් වෙනත් ප්රොසෙසර් සමග ක්රියාත්මක
නොවේ. විවිධ ඇන්ඩ්රොයිඩ් ෆෝන් මොඩ්ල් සඳහා ඒ
සඳහාම ගැලපෙන කස්ටම් රොම් සාදීමට සිදුව
තිබෙන්නේ මෙම බූට් ලෝඩර් ගැටළුව නිසා ය. නමුත්
ඇපල් ෆෝන් වල හාඩ්වෙයා අතර විශාල වෙනස්කම්
නැති බැවින්. ෆෝන් මොඩ්ල් එක කුමක් වුවත්
මේවායෙහි ඇත්තේ එකම බූට්ලෝඩර් වැඩසටහනකි.
මේ නිසා නවතම ඇප්ල් මෙහෙයුම් පද්ධතිය 3GS
දුරකථනයකට පවා ස්ථාපනය කල හැක.



《《 Recovery 》》



දුරකථනයේ මෙහෙයුම් පද්ධතියෙන් වෙන්වුණු,
දුරකථනයේ හාඩ්වෙයා සමග සෘජුව ගණුදෙනු කල
හැකි කුඩා මෘදුකාංගයකි (පරිගණකයේ ඇති බයොස්
වගේ එකක්). සෑම ඇන්ඩ්රොයිඩ් දුරකථනයකම
ස්ටොක් රිකවරි මෘදුකාංගයක් අඩංගු වන අතර මෙය
භාවිත කර සෙටින්ග්ස් රිසෙට් කිරීම, ඩේටා ක්ලියර්
කිරීම, මෙමරි කාඩ් එක ෆෝමැට් කිරීම ආදිය කල
හැකියි.
නමුත් මීට වඩා බොහෝ පහසුකම් සහිත කස්ටම්
රිකවරි මෘදුකාංග ඇති අතර මේවායින් මීට
වඩා බොහෝ කාර්යන් කරගත හැකියි. එක් ප්රසිද්ධ
කස්ටම් රිකවරි මෘදුකාංගයක් වන්නේ ක්ලොක්වර්ක්
මොඩ් - ClockWork Mod යි. මේවා භාවිතා කර
මෙහෙයුම් පද්ධතිය බැකප් කිරීම, කස්ටම්
රොම් ස්ථාපනය කිරීම කල හැකියි. කස්ටම් රිකවරි
ස්ථාපනය කිරීමට නම් දුරකථනය රූට් කර හෝ බූට්
ලෝඩරය අන්ලොක් කර තිබිය යුතුයි.



《《 Nandroid Backup 》》



කස්ටම් රිකවරි මගින් ෆෝන් එකේ මෙහෙයුම් පද්ධතිය
(සියලුම දත්ත ඇතුළුව) සම්පූර්ණයෙන්ම එස් ඩී කාඩ්
එකට බැකප් කල හැක. මෙය නැන්ඩ්රොයිඩ් බැකප්
නමින් හඳුන්වයි. මෙහි වාසිය නම් කස්ටම් රොම්
ස්ථාපනයෙන් පසුව වුවද කලින් තිබූ තත්වයට
මෙහෙයුම් පද්ධතිය රීස්ටෝ කල හැකි වීමයි.



《《 Wipe 》》



දුරකතනයේ ඉන්ටර්නල් මෙමරියේ ඇති දත්ත සියල්ල
ඩිලීට් කිරීම වයිප් කිරීම ලෙස හඳුන්වයි. මේ මගින්
කැශේ මෙමරි සහ ඉන්ටනල් මෙමරියේ ඇති වෙනත්
පාටිශන් ෆෝමැට් කල හැක. කස්ටම් රොම් දැමීමට
ප්රථමයෙන් වයිප් කිරීම අත්යවශ්යය.



《《 Flashing 》》



රිකවරි භාවිතා කර SD Card එකේ ඇති ඇප් එකක්
හෝ කේතයක් ස්ථාපනය කිරීම ෆ්ලෑශ් කිරීම ලෙස
හඳුන්වනු ලැබේ.
මෙසේ ෆ්ලෑශ් කල යුතු ෆයිල් ඇත්තේ APK ෆෝමැට්
එකෙන් නොව ZIP ෆෝමැට් එකෙනි. මෙම ෆයිල් එක
SD Card එකේ රඳවා පසුව රිකවරි භාවිතා කර ෆ්ලෑශ්
කර හැක. මෙම සිප් ෆයිල් එක Flashable ZIP
(ෆ්ලෑශබල් සිප්) ලෙස හැඳින්වේ.
ROM
රොම් ලෙස හැඳින්වෙන්නේ දුරකථනයේ ඇති
මෙහෙයුම් පද්ධතිය යි. දුරකථනයට නිශ්පාදකයා විසින්
ඇතුලත් කර ඇති ඇන්ඩ්රොයිඩ් සංස්කරණය ස්ටොක්
රොම් ලෙස හැඳින්වෙන අතර වෙනත් තුන්වන පාර්ශව
විසින් සංවර්ධනය කරන ලද සංස්කරණ කස්ටම් රොම්
ලෙස හැඳින්වේ.



《《 Kernel 》》



මෙහෙයුම් පද්ධතිය සහ දුරකථනයේ හාඩ්වෙයා සමග
ගනුදෙණු කරනු ලබන්නේ කර්නලය විසිනි.
ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධති වල කර්නල් ලිනක්ස්
කර්නලය මත පදනම් වී ඇත. කස්ටම් රොම් මෙන්ම
කස්ටම් කර්නල් ද ඇත. මේවා මගින්
ප්රොසෙසරයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම,
බැටරියේ ආයු කාලය දීර්ඝ වන ලෙස සකසා ඇත.



《《 Radio / Baseband / Modem 》》



දුරකථනයේ වයර්ලස් නෙට්වර්ක් පහසුකම්
මෙහෙයවන ෆර්ම්වෙයා මෙලෙස හැඳින්වේ. GPS සහ
WiFi පාලනය වෙන්නේ මේවා මගිනි
Mod
ෆෝන් එකේ සොෆ්ට්වෙයා එකට කරන මොනයම්
හෝ මොඩිෆිකේශන් එකක් "මොඩ්" ලෙස හැඳින්වේ.
උදා:- බූට් ඇනිමේශන් වෙනස් කිරීම, ෆොන්ට් වෙනස්
කිරීම .. ..



《《 Brick 》》



මෙන්න භයානකම වචනය. වැරදි ෆ්ලෑශ් හෝ රූට්
කිරීමක් නිසා දුරකථනය අක්රිය වීම බ්රික් වීම ලෙස
හඳුන්වයි. ෆ්ලෑශ් කිරීමේ දි ගත යුතු අවදානමකි මෙය.
නමුත් හරියට වැඩේ කරොත් බ්රික් වෙන්නේ නෑ.



《《 Superuser 》》



සාර්ථක රූට් කිරීමකින් පසුව මෙහෙයුම්
පද්ධතියේ සියලු බලතල ගත හැකියි. රූට් ප්රවේශය
ලබා දෙන ඇප් එක සුපර් යූස ලෙස හැඳින්වේ.



《《 Overclock / Underclock 》》



ප්රොසෙසරයේ වේගය වැඩි කිරීම ඔවර්කොක් කිරීම
ලෙසත් වේගය අඩු කිරීම අන්ඩර්ක්ලොක් කිරීම ලෙස
හැඳින්වේ. ප්රොසෙසරයේ වේගය වෙනස් කිරීම ට
ඇතැම් ෆෝන් වල නම් රූට් පමණක් ප්රමාණවත් වන
අතර, සමහර ඒවාට කස්ටම් කර්නල් ස්ථාපනය කල
යුතු වේ.
ඔවර්ක්ලොක් කිරීම මගින්
දුරකථනයේ කාර්යක්ශමතාවය වැඩි කර ගත හැකි
අතර, අන්ඩර්ක්ලොක් කිරීමෙන් අඩු බැටරි ප්රමාණයක්
ප්රොසෙසරය භාවිතා කරන නිසා බැටරි ඉතුරු කර ගත
හැකි වේ.

Post a Comment

4 Comments

Unknown said…
Note 3 ekakata computer ekak nathuwa 4n ekenma lollipop gahana hati kiyala denawada
Unknown said…
Please call me 0715641700
Rukmal said…
Onama root karapu android ekakata onama custom rom ekak gahanna puluwanda??? Plz help me!!