Advertisement

Responsive Advertisement

Windows / Android / iOS අතරින් හොදම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය මොකක්ද?


තාක්‍ෂණය අපේ වටපිටාවේ හැමතැනම තියෙනව. ඒ තාක්ශණය දැන් අපි ස්මාර්ට්ෆොන් එකක හැඩයෙන් හැමතැනම අරගෙන යනවා. කිහිපදෙනෙක්ට තමන්ගේ ජංගම දුරකතනය ගැන හොද දැනීමක් තිබුනත් බොහෝ දෙනෙක් ජංගම දුරකතනයක් මිලදී ගන්නේ එහි විශිෂ්ට ලෙස නිමවා ඇති ආකර්ෂණීය ස්පර්ශක තිරය ගැන පමණක් අවධානය යොමුකරලා. ඒ නිසා ජංගම දුරකතනයක් මිලදී ගන්න කොට ඔබ මිලදී ගන්නේ මොන විදිහේ එකක්ද සහ ඔබ ඒ වෙනුවෙන් ගෙවන මිලට ලැබෙන වටිනාකමක් ලැබෙනවාද නැද්ද යන දේ ගැන විමසිලිමත් වීම වැදගත් වෙනවා. ඒ තීරණය ගන්න ඔබට උදව්වක් විදිහට අපි විවිධ ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති අතර සංසන්දනයක් කරා. තාක්‍ෂණය ශීඝ්‍රයෙන් දෑත ආක්‍රමණය කරමින් අපව පුටුවෙන් මොහොතකටවත් නොනැඟිටවන කාලයක මේ දැක්වෙන ඕනෑම ජංගම දුරකතනයක් ශ්‍රි ලංකාවේදී kaymu, takas වැනි වෙබ් අඩවි ඔස්සේ මිලදී ගන්නටත් ඔබට පුළුවන්.




මෙහෙයුම් පද්ධති සංසන්දනය



මුහුණත android වලදී විවිධ නිශ්පාදකයින් විවිධ interface මගින් මෙහෙවුම් පද්ධති ප්‍රතිනිර්මාණය කරනවා. මේ දුරකතන වල මූලිකාංග සමාන වුවත් විවිධ කුඩා වෙනස්කම් රැසක් දකින්න පුළුවන්. ඒ නිසා ඔබට ගැලපෙන interface එක සහිත දුරකතනයක් තෝරා ගැනීම ඔබට අවස්ථාව තියෙනවා.
Apple iOS වලදී වඩාත්ම කැපී පෙනෙන්නේ එහි slick animations සහ සරල බවයි. යාවත්කාලීන වලදීත් මෙය එතරම් වෙනස් වෙන්නේ නෑ. 

• Windows phone වල ප්‍රධානතම අංගය තමයි live tiles කියන්නේ. එවා කැමති විදියට customize කරන්නත් පුළුවන්. ඒත් මේවායේ ක්‍රියාකාරීත්වය android සහ iOS තරම් යහපත් නැහැ.

• Android වලදී ඔබට සියලු Google apps ලබාගන්න පුළුවන්. එත් windows phone වලදී මේ පහසුකම ලැබෙන්නේ නැහැ.


Apps සහ විකල්ප App Stores


Android වලට ඇති ඉල්ලුම නිසාම වෙනත් app store මෙවනව්ට බොහෝ ජනප්‍රිය වෙලා තියෙනවා. iOS app store වලදී ඔබට වඩා ගුණාත්මක apps ලබාගන්න පුළුවන් වුනත් වැඩිපුර ම නොමිලේ ලබාදෙන apps ඇත්තේ android play store වලයි.

Android වල ඔබට වෙනත් app stores වල ඇති apps පවා දුරකතනයට ඇතුළු කරගන්න පුළුවන්, ඒත් apple iOS සහ windows වල ඔබට මේ පහසුකම ලැබෙන්නේ නැහැ.


මෙහෙයුම් පද්ධති යාවත්කාලීන වීම

සෑම ජංගම දුරකතනයක්ම නිතරම යාවත්කාලීන වෙනවා. Microsoft සහ Apple ජංගම දුරකතන වල මෘදුකාංග ඔවුන් සතුව තිබෙන නිසා, එනම් තෙවන පාර්ශවීය සමාගම්වලට වෙනස් කරන්නට ඉඩ නොදෙන නිසා නිරන්තරයෙන් ම යාවත්කාලීන කිරීම් ලබා දෙනවා. හැම අවුරුද්දකම අලුතින් Apple හා වින්ඩෝස් මෘදුකාංගයක් එලිදක්වනවා. එවිට කලින් තිබුණු devices යල්පැන යනවා. මෙහිදී Windows phone නම් මේ අංශයෙන් ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියන්න පුළුවන්.

ඉඳහිට කෙරෙන ප්‍රතිනිර්මාණ වලට අමතරව android දුරකතන ඒතරම් ම යාවත්කාලීන වෙන්නේ නැහැ. ඉතා සුළු ප්‍රතිශතයක් android උපාංගවල ප්‍රමාදවී යාවත්කාලීන ලැබෙන යෙදුම් ධාවනය වෙනවා. මෑතකදී නිකුත්වුණු Android N මෙහෙයුම් පද්ධතිය නම් බෙහෙවින් සිත්ගන්නා සුළු බවකුයි පසුගිය Google I/O හරහා අපිට දකින්නට ලැබුණේ. ඔබ හිතන්නෙ ඒ මෙහෙයුම් පද්ධතියේ නම කුමක් වේවිද?

අවශ්‍ය පරිදි සකසාගත හැකි බව

Android දුරකතන වල ප්‍රබලතම හැකියාව තමයි එය අපට අවශ්‍ය පරිදි සකසා ගත හැකිවීම. එමගින් ඔබට ඔබේම interface එකක්, home screen කිහිපයක් shortcut සහ widgets සමග භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔබට කැමති යතුරුපුවරුවක් භාවිතා කිරීමේ අවස්ථාව ද Google සමාගම ඔබට ලබා දෙනවා. 

Windows phone වල live tiles වලින් ඒවායේ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්, ඒත් iOS දුරකතන වල වගේම windows වලත් යතුරුපුවරුව එක වෙනස් කරන්න ඔබට බැහැ.

ප්‍රායෝගිකව බලන කල සෑම ජංගම දුරකතනයක් ම විවිධ භාවිත කරන්නන් අරමුණු කරමින් නිෂ්පාදනය කරන ලද ඒවායි. එක් සරල සැසඳීමකින් ඔබට ජංගම දුරකතනයක් තෝරා ගැනීම කල නොහැක්කක්, ඒ නිසා ඔබට ජංගම දුරකතනයක් අවශ්‍ය කුමන කාරණාවක් ඉටුකරගැනීමටද කියා තීරණය කිරීම වැදගත් වෙනවා.

නිශාන් පොන් සර්විස් වෙිත "Bindra/බින්ද්‍රා" සහෝදරිය විසින් ලියන ලද ලිපියකි.

Posted by: Mr. Nishan Madhushanka
Tel: 0715641700
Note: I'm not responsibility if your phone had any problems or broken

Post a Comment

0 Comments