Advertisement

Responsive Advertisement

Google සමාගම නියමුවන් රහිත බයිසිකලයක් හදලා – ලොවම රැවටෙයි




නියමුවන් රහිත මෝටර් රථයක් නිෂ්පාදනය කළ Google සමාගම නියමුවන් රහිත බයිසිකලයක් නිර්මාණය කරලා තියෙනවා කියලා Google සමාගම ලෝකෙටම කිව්වා.

අපි කවුරු කවුරුත් බලන් හිටියේ මේ බයිසිකලය මොන වගේ වේවිද, එකේ තාක්ෂණ කොහොමද ? කියලා. Google එකෙන් කිව්වා නෙදර්ලනත්යේදී අප්‍රියෙල් 22 මේ බයිසිලකය ලොවට හඳුන්වා දීමටත් නියමිතයි කියලා. ඒ වගේම ඒ බයිසිකලය ගැන කරපු වීඩියෝ එකකුත් එයාලා අන්තර්ජාලයට මුදා හැරියා.

ලෝකේ හැමෝම බලන් හිටිය මේ නියමුවන් රහිත බයිසිකලය ලෝක බොරුවක් රැවටුනා හැමෝම කියලා ඊයේ Google එක කිව්වා. ඒ කියන්නේ මේක Google එක අප්‍රියෙල් පළවෙනිදා කට්ටිය මෝඩයට අන්දන්න කළ සුපිරි බොරුවක්.

ඕන්න ඔහොමයි Google සමාගම අප්‍රියෙල් පළවෙනිදා කට්ටියම ඇන්දුවේ. බලන්නකෝ මේ වීඩියෝ එක බොරුවක් නෙවේ කියලමයි හිතෙන්නේ…



Post a Comment

0 Comments