Advertisement

Responsive Advertisement

Blackberry සමාගම 2016 වසරේ දුරකථන නිෂ්පාදනය කිරීම නවත්වා දැමීමට සැරසෙයි


වෙළඳපොලේ පවතින දිනෙන් දින ඉහල යන තරඟගකාරිත්වයත් සමඟම Blackberry සමාගම ඉතා අසීරු අවස්ථාවකට පත්ව තිබේ. මේ පිළිබඳව පසුගිය වසර කිහිපයක තුලම වරින් වර පුවත් පලවුණා. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස John Chen (ජෝන් චෙන්) මහතා පත්වීමෙන් පසුව සිදුකෙරුණු විශාල වෙනස්කම් හමුවේත් සමාගම අපේක්ෂා කල පරිදි ලාබ ලබාගැනීමට නොහැකි වීම මේ තත්වය තව තවත් උග්‍ර බව පෙන්නුම් කරන්නට විය. ඒ නිසාම සමාගම සිය දුරකථන නිෂ්පාදන නවත්වා දමා සමාගමේ ඉදිරි කටයුතු කිරීමේ අදහසක් පවතින බව දැනගන්ට ලැබෙනවා


JOHN CHEN / CEO BLACKBERRY


Code/Mobile සමුළුවේදී BlackBerry සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චෙන් මහතා මේ පිළිබඳව සිය අදහස් දක්වමින් පවාඅ සිටියේ ඔවුන් ඉදිරියේදී එළිදැක්වීමට බලාපොරොත්තු වන BlackBerry Priv දුරකථනයෙන් පසුව තවදුරටත් දුරකථන නිෂ්පාදනය කිරීමේ නිරතවනවා ද යන්න ගැන සිතා බැලීමට සිදුවන බවයි. තමන් දුරකථන නිෂ්පාදනයේ රැඳී සිටින්නේ පාරිභෝගිකයන්ට නියම ප්‍රමිතියකට මුදලේ වටිනාකමට සරිලන දුරකථන නොලැබෙන නිසා බව ඔහු පවසා සිටියා. ඒ වගේම ලබන වසරේ සිට තම සමාගමටත් තමන්ගේ දුරකථන ලාබදායි ලෙස නිෂ්පාදනය කිරීමට සිදුවන බව ඔහු පවසා සිටියා. එසේත් නැතිනම් තවදුරටත් දුරකථන නිෂ්පාදනය කිරීමේ දී සිටිනවා දැයි සිතා බැලීමට සිදුවන බව ඔහු පැවසුවා. ඔහු තව දුරටත් පවසා සිටියේ සිය සමාගමට සැලකිය යුතු ලාබයක් ලබාගැනීමට නම් ජංගම දුරකථන මිලියන 5ක් වසරකට අලෙවි කල යුතු බවයි. නමුත් මේ වසරේ පළමු කාර්තුවේ දී ඔවුන්ගේ නවතම දුරකතනයක් වූ BlackBerry Passport මාදිලියෙන් අලෙවි වී ඇත්තේ දුරකථන 8000ක් පමණක් බවත් ඔහු පැවසුවා. ඒ නිසාම ඔහු අවධාරණය කර සිටියේ දුරකථන නිෂ්පාදනය කෙරෙහි අවධානය තරමක් අඩු කර මෘදුකාංග නිර්මාණය කිරීමේ පැත්තට වැඩි අවධානයක් යොමුකිරීමේ බලාපොරොත්තුවක් ඇති බවයි.


ඒ වගේම Blackberry සමාගමේ Priv නම් අලුත්ම දුරකථනය Android සහ Blackberry 10 පාලන පද්ධති වල සංකලනයක්. ඒ වගේම එහි වෙනම යතුරුපුවරුවකුත් වනවා.

අපි බලමු ඉදිරියේදී මේ සමාගම කුමන තීරණයක් ගනී ද කියලා.

Post a Comment

0 Comments