Advertisement

Responsive Advertisement

SAMSUNG සමාගමෙන් පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්


SAMSUNG සමාගම galaxy note 7 ස්මාට් දුරකතනයේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ අදාළ ජංගම දුරකතනය ගිනිගැනීමට ලක් වූ සිද්ධීන් කිහිපයක් වාර්තාවීමත් සමඟයි.

පාරිභෝගිකයින්ගේ ආරක්ෂාවට මුල්තැන දෙන හෙයින් අදාළ ජංගම දුරකතනයේ දෝෂය නිශ්චිතව හඳුනාගන්නා තුරු එම දුරකතන වෙළෙඳාම් කිරීමද අත්හිටුවන ලෙසට එම සමාගම ලොව පුරා ජංගම දුරකතන වෙළෙඳ භවතුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එය දැනට භාවිත කරන පිරිසට සමාගම දැනුම් දෙන්නේ අදාළ දුරකතනය ක්‍රියා විරහිත කර තබන ලෙසයි.

මෙම සිදුවීමත් සමග SAMSUNG සමාගමට සිදුව ඇති පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 17 ක් බව වාර්තාවනවා



Post a Comment

0 Comments