Advertisement

Responsive Advertisement

Spectre (2015) සිංහල උපසිරැසි සමගින්



1962 වගේ බොහොම ඈත කාලෙක අපිට සිද්ධ වෙනවා ඔහු හමුවෙන්න, එදා අද තරම් ලොකු මුදලක් වෙන් වෙන්නේ නැහැ ඔහු වෙනුවෙන්… අද වගේ ලොකූ මිල අධික, නවීන ගැජට් තිබ්බෙත් නැහැ ඔහු සතුව ලෝකය බේරා ගන්න… නමුත් 1960 විනාශ කාරී සැලසුම පරදන මොහු සදාකාලිකවම සිනමා රසිකයන්ගේ සිත් සතන්තුල බොන්ඩ්, ජේම්ස් බොන්ඩ් ලෙස පැල පදියම් වෙන්නේ එක්තරා හැටියකට නොසිතූ අයුරකින්… ඔහුගේ ආරම්භය කොතරම් නොසලකා හැරියාද කියනවා නම් මුල් වතාවේ ඔහුගේ නිල රථය වෙන්න ඇස්ටල් මාටින් රථයක් සමාගමෙන් ඉල්ලු විට ලැබෙනා ප්‍රති උත්තරය වෙන්නේ ප්‍රතික්ෂේප කිරීමක්…

මේ බාධක කම්කටොලු එක්ක 1963 ජේම්ස් බොන්ඩ් 2 වැනි වතාවට අපි හමුවෙන්නේ රුසියානු ආදරවන්තියක් එක්කමයි. ඇය සාර්ථකයි, නමුත් තවම අපි සිනමා ලෝකයේ නියම සලකුණ දකින්නේ නැහැ… ඒ අවස්තාව අපිට උදා වෙන්නේ 1964 රත්තරන් ! රත්තරන් ! එකක්, එදා ඇස්ටල් මාටින් DB 5 රථයක් එකක් රට වටේ යන්න 007 සමත් වෙනවා වගේම… කිසිදා අමතක නොවෙන සතුරෙක් අපි හමුවට ගේන්නත්, ඔහුගේ අරමුණ පරාජය කරන්නත් අපේ මිතුරා, අපේ වීරයා සමත් වෙනවා…

කොහොමින් කොහොම හරි 1965 බෝම්බ එකක් සෙල්ලම් කරන්නත්, 1967 වසරේදී ලෝක යුද්ධයක් නවතා ලන්නත් 007 සමත් වෙන්නේ යන්තම් දිවි ගලවාගෙන. ඔහොම තමුන්ගේ ස්වරුපය වෙනස් කරගන්නවා එකක්ම 1970 වෙනකොට පවුලක් පන්සලක් වෙන්නත් ඔහුගේ හිත යොමු වෙනවා… නමුත් ඒ සතුට අවසාන වෙන්නේ දුකක් එකක් කියලා අපි දන්නේ අපි ඔහුත් එකක් හිටිය නිසයි…

වසරක් යන්න කලින් ඒ කියන්නේ 1971 සදාකල් පවතින දියමන්තිය පස්සේ යන ඔහු, නැවතත් ස්වරුපය කලින් තත්වයටම පත් කරගෙන… නමුත් ඒ මුහුණ අපිට වැඩි දවසක් දකින්න වෙන්නේ නැහැ 73 ඔහු වුඩු මායාවන් එකක් කැරබියන් දුපත් දෙවනත් කරන විට… ඔහු මෘදු චරිතයක් බවට පත් වෙන්නේ අපේ ඇස් ඉදිරිපිට නමුත් වැඩ එහෙමමයි… ලස්සන කාන්තා රුපයක් පෙන්න බැහැ… හැබැයි ඔහුට එවැනි කාන්තාවන්ගේ බැල්මෙන් අඩුවකුත් නැහැ…

74 රන් තුවක්කුවක් එකක් සටනෙන් යන්තම් දිවි ගැලව ගන්නා ඔහු, 10 වැනි වතාවට අප හමුවෙන්නේ 77 දී දියයට ජනපදයක් ආක්‍රමණය කරමින්… මතක ඇති නෙව අර ලොස්ට් රථය… නමුත් 79 වෙන විට ඔහු අභ්‍යවකාශ ගත වෙන්නේ අපේ සුභ සිද්ධිය වෙනුවෙන්… ඔහොම 70 දශයක අවසාන කරන ඔහු නැවතත් 81 හා හා පුරා කියා සතුරන් හා මිතුරන් ගැන කියාදෙන්න අපි එකක් එක්කාසු වෙනවා… 83 වෙන කොට අපේ අසල්වැසි ඉන්දියාව බලා එන ඔහු 85 වෙනකොට සිලිකන් මිටියාවතේ කුමන්ත්‍රණයත් පරාජය කරන්න සමත් වෙනවා…

ඉතින් ඔන්න ඔහොම 87 වෙනකම් නැතව දකින්න නොලැබෙන ඔහු මතුවෙන්නේ නව මුහුණුවරකින්… අද ක්‍රියාදාම බහුලයි… මෙවර මෙහෙයුම සැඟවුන සැලසුමක්… මෙහෙම බලපත්‍ර ලද ඔහු 89 වෙන කොට 80 දශකය අවසාන කරනවා නොදැමුණ ජේම්ස් බොන්ඩ් ලෙස..

නැවත අපි ඔහු දකින්නේ නැහැ 1995 වෙන තෙක්ම, දැන් ඔහු තවත් තරුණයි… මෙවර සහෝදරයෙකුගේ ද්‍රෝහී වීමක් එකක් හිත තැවුලෙන් ඉන්න ඔහු කෙසේ හෝ තමුන්ගේ මෙහෙයුම අවසාන කරගන්නේ… 17 වැනි වතාවටත්, යමක් කල යුතු නම්, ලෝකය බේරාගත යුතු නම් සුදුස්සා ඔහු බව මොනවට පැහැදිලි කරමින්.. ඉතින් 97 ඔහු නැවත කරලියට පැමිනියහම අපි පුදුම නොවුනත්, දැන් ඔහුට සටන් කරන්න වෙන්නේ විද්‍යුත් මාධ්‍යත් එකක්… 90 දශයක 99 වසරේ අමරණිය මිනිසා පරාජය කිරීමත් එකක් අවසාන කරන අපේ වීරයා සමත් වෙනවා. 21 වන සතවර්ශය ආරම්භ වෙලා දෙවසරක් පිරෙන තැන 2002 දී බොන්ජ් නැවත කල එලි බහින්නේ උතුරු කොරියානු මෙහෙයුමක් වෙනුවෙන්… එවර හිතූ තරම්ම සාර්ථක නොවීම එකක් 2006 වෙන කම් නැවත රාජකාරියට වාර්තා නොකරන්න වගේම, තමුන්ගේ ස්වරුපය වගේම සිනමා ආරත් එහෙම පිටින්ම වෙනස් කරන්න සිද්ධ වෙනවා සුදු කෙලියත් එකක්, නමුත් 2008 දඩයම නිසාවෙන් 22 වතාවටත් ජීවිතය හා මරණය අතර සටනක නියැලෙන් ඔහු ජය ගන්නේ 2012 වන තෙක් නැවත කල එලි නොබසින්නටයි…

2014 කල එලි බැසීම බොහොම සාර්ථක වෙන නිසාවෙන් ඔබ මම සුදානම් ඔහුගේ 2015 කල එලි බැසීමට… නමුත් තව කරුණු කරනා තියනවා කතා කරන්නට.. එහෙම නේද? නයිට්වරුන් දෙදෙනෙක් ඇතුළුව තමුන්ගේ කාලයන් හි නමක් රැඳු ක්‍රියාදාම නළුවන් 6 දෙනෙක් පණ දුන් බොන්ඩ් මේ වෙනකොට ලෝකේ පුරා ඩොලර් බිලියන 5 කට අධික මුදලක් උපයාගන්න සමත් වෙලා තියනවා. ඒ වෙගේම ඔස්කා සම්මාන 4 ක් දිනාගන්නත්, 14 වෙනුවෙන් නිර්දේශ වෙන්නත් බොන්ඩ් චිත්‍රපට සමත් වෙලා තියනවා…  

හොඳයි එහෙනම්, මේ වතාවෙන් Daniel Craig තමයි ජේම්ස් බොන්ඩ් හැටියට අපි දක්කින්නේ, දැනගන්න තියන හැටියට මේ අපි ඔහුව දකින අවසාන වතාව වෙන්න බොහොම ඉඩ කඩ තියනවා.. මෙවරත් මුල් පුටුව Sam Mendes ම පුරවන්න තරම් කාරුණික වෙනවා… ඒ වගේම මේ වතාවේ මෙතෙක් බොන්ඩ් සුරුපිනියක් ලෙස එක්වුණා වයස්ගතම නිළිය ලෙස Monica Bellucci එක්කාසු වෙනකොට, තවත් නැගී එන සුරුපිනියක් වෙන  Léa Seydoux බොන්ඩ් වෙනුවෙන් ආලකම් පාන්නට එක්කාසු වෙනවා… නමුත් පසුගිය වතාවේ අපිට M නැති වුනා මතක ඇති නෙව ඉතින් අලුත් M වෙන්නේ Ralph Fiennes. ඒ එක්කම ප්‍රධාන සතුරා ලෙස එක්කාසු වෙනවා....
ඉතින් මේ ක්‍රියාදාම, සට කපටකම් වගේම ඉදලා හිටලා හොඳ විහිලුවකුත් එකක් බැදුන අලුත් පිරිසක් ඉන්න 25 වැනි බොන්ඩ් චිත්‍රපටයේ කතාව ගෙතෙන්නෙ නම් 1962 ඔහු හා සටනට පැමිණි ලෝක පුජිත රහස් සංවිධානය වෙන ස්පෙක්ට්‍රා සංවිධානය එකක්… කොහොමද ස්පෙක්ට්‍රා නවත් කරලියට එන්නේ ? මේ වතාවේ බොන්ඩ් සතුවෙන ගැජට් මොනවා ද? ඔහු දිනයි ද? සුරුපිනියන් ඔහුට උදව් කරයි ද? සතුරන් වෙයි ද? ඔහුගේ සැබෑ මිතුරන් කවුද ? මෙදාපාර මහා සැලසුම මොන වගේ එකක් වේවි ද? මේ කිසිම දෙයක් මම කියන්න සුදානමක් නැහැ… ඒ සියල්ල මිනිත්තු 148 තුල බලාගන්න ඔබට භාරයි… එහෙනම් නැවත උපසිරසක් එකක් හමු වෙමු


සිංහල උපසිරසි ලබාගන්න

900MB BRRIP Torrent ‍File එක මෙතැනින් ලබාගන්න

Post a Comment

0 Comments