Advertisement

Responsive Advertisement

TV 1 නාලිකාව පසුගිය 21 වනදා සිට ඔබේ නිවසට



ප්‍රේක්ෂක ඔබට නැවුම් අත්දැකීම් එක් කරන සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ අභිනව රූපවාහිනි නාලිකාව ටීවී වන් (TV 1) ලබන 21 වන බ්‍රහස්පතින්දා සවස 5.04 ට යෙදෙන සුබ මොහොතින් UHF 51 හා 58 ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

ඩයලොග් ටී.වී. නාලිකා අංක 10 හා පියෝ ටී.වී. නාලිකා අංක 12 ඔස්සේ ත් ටී.වී වන් විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

නව තාක්ෂණය ඔස්සේ, මෙතෙක් රූපවාහිනි නාලිකාවක අත්නොදුටු විශේෂ වැඩසටහන් හා විශේෂාංග සමගින්, ප්‍රේක්ෂක ඔබට නව නාලිකාව හා සමීප විය හැකියි.

ටී.වී. වන් හඳුන්වාදීමේ උත්සවය ඊයේ  පස්වරුවේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විය.


එම උත්සවය පැවැත්වුණේ කලාකරුවන්, මාධ්‍යවේදීන්, ප්‍රචාරණ ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසකගේ සුබ පැතුම් මධ්‍යයේදී ය.

‘සතුටින් ජීවත්වීමේ ව්‍යාපාරයේ කොටස් ලබාගන්න මැයෙන්’ මේ විශේෂ හඳුන්වාදීමේ වැඩසහන පැවැත්විය.

ඒ, කැපිටල් මහරාජා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙනි.

ටී.වි. එක නාලිකාව හඳුන්වාදීමේ සන්ධ්‍යාව විචිත්‍රාංගවලින් වර්ණවත් විය.

Post a Comment

0 Comments