Advertisement

Responsive Advertisement

වෙනත්මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය Twitter භාවිතා කරන්නන් අභිබවයි



පසුගිය සැප්තැම්බර් මාසයේ එළිදක්වන ලද වාර්තාවකින් මේ බව Instagram සමාගම ප්‍රකාශ කර සිටියා. මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 400 ඉක්මවන බව ඔවුන් සිය වාර්තාවේ සඳහන් කළා.

මේ ඉලක්කය සඳහා ළඟාවීමට ඔවුන්ට ගත වී ඇත්තේ වසර 5කටත් අඩු කාලයක්. මිට මාස 9කට පෙර මසකදී Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය පැවතියේ මිලියන 300ක අගයක යි. මෙය සීග්‍ර වර්ධනයක් ලෙස දක්වන්න පුළුවන්. මේ සමඟම Instagram වලට සමාජජාල වෙබ් අඩවියක් වන Twitter අභිහවා යාමට හැකි වී තිබෙනවා. මාසිකව Twitter භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය ලෙස සටහන් වන්නේ මිලියන 316ක ප්‍රමාණයක්. නමුත් Instagram වලට එහි මව් සමාගම වන Facebook හි මසකට එය භාවිතා කරන ප්‍රමාණය වන බිලියන 1ක සංඛ්‍යාව පසු කර යාමට තවත් බොහෝ දුර යාමට සිදුවනු ඇත.

Instagram වලට අනුව එහි සාමාජිකයන් 75% ක් ම ඇමෙරිකාවෙන් පිටත ජිවත් වන අතර අවසන් වරට ලියාපදිංචි වී ඇති සාමාජිකයන් මිලියන 100 න් අඩක්ම ජිවත් වන්නේ යුරෝපය, ආසියාව, බ්‍රසීලය , ජපානය, ඉන්දුනීසියාව වැනි මහද්වීප සහ රටවල් වල බව දැනගන්නට ලැබෙනවා.

වචනයකින් පවසන්නට බැරි දහසකුත් දේ ඡායාරූපයකින් පවසන්න පුළුවන්. මේ බව ඔබත් මමත් හොඳින් දන්නා කාරණයක්. ඒ නිසාම Instagram කණ්ඩායම තවත් අලුතෙන් සාමාජිකයන් එකතු කරගැනීමට මග බලමින් ඉන්නවා කියලත් මතක් කරන්න කැමතියි

Post a Comment

0 Comments