Advertisement

Responsive Advertisement

[ Jailbreak ] iOS 9/9.0.1/9.0.2 සහිත i Phone එකක් නිවැරදිව Jeilbreak කරමු


අද අපි කතා කරන්න යන්නේ iOS 9, iOS 9.0.1, iOS 9.0.2 වලින් සමන්විත i device එකක් කොහොමද jeilbreak කරගන්නේ කියලා. ඔයාගේ i phone එක iOS 9, iOS 9.0.1, iOS 9.0.2 නෙවේනම් මේක කරන්න යන්න එපා.මොකද pangu 9 support කරන්නේ iOS 9, iOS 9.0.1, iOS 9.0.2 ට විතරයි.

කරන්න තියෙන්නෙ පොඩි වැඩයි.ඒත් කල්පනාවෙන් පරිස්සමෙන් කරන්න.

හරි මෙතනින් Pangu 9.exe බාගෙන install කරගන්න.

දැන් මෙතනින් ගිහින් i tunes නවතම සංස්කරණය බාගෙන install කරගන්න.



I tunes install කරගත්තට පස්සේ i phone එක පරිගණකයට සම්බන්ද කරන්න. එතකොට USB drivers install වෙන්න ගනී.install වෙලා i phone එක i tunes එක්ක connect වෙයි.i phone එකේ data i tunes එකට sync වෙන්න දෙන්න. Sync වෙලා ඉවරුනාට පස්සේ i phone එකේ backup එකක් දාගන්න.


ඒ වැඩේ ඉවරුනාට පස්සේ i phone එක පරිගණකයෙන් unplug කරගෙන i tunes close කරලා දාන්න.


i ෆෝන් එකට Pass Code එකක් දාලනම් ඒක අයින් කරන්න.ඒ වගේම Find My i phone කියන option එක Off කරන්න


දැන් pangu open කරගන්න


දැන් USB කේබලය මගින් i phone එක පරිගණකයට සම්බන්ද කරන්න. එතකොට pangu එකට device එක Detect වෙයි.


දැන් i phone එක Airplane mode එකට දාන්න.ඊට පස්සේ start click කරන්න.


එතකොට jailbreak notice එකක් එයි. Already backup click කරන්න.



එතකොට Progress circle එකක් එක්ක jailbreak වෙන්න පටන් ගනී


10% වගේ උනාම pangu App එක i phone එකට auto install වේවි.

55% වගේදී i phone එක auto reboot වෙනවා. බය වෙන්න එපා.



I phone එක on උනාම install Progress එක continue වෙනවා.

65% දී I phone එක on උනාම ආයේ ෆෝන් එක Airplane mode එකට දාගන්න.


දැන් injecting step එක


75% දී ඔයාගේ i phone එකේ බලන්න pangu කියලා app එකක් install වෙලා ඇති. අන්න ඒ ඇප් එක click කරලා open කරගන්න.


Open කරගෙන Accept කරගන්න. Accept කලාට පස්සේ pangu ආයේ වැඩ පටන් ගනී.

100% උනාට පස්සේ pangu කියයි jeilbreak Completed කියලා.

ඔන්න එහෙනම් දැන් වැඩේ හරි.දැන් i phone එක ආයේ restart වේවි.දැන් පරිගණකයෙන් unplug කරගන්න.


දැන් අපි cydia එක setup කරගමු


මුලින්ම Airplane mode off කරගෙන Mobile Data on කරගන්න. නැත්නම් WiFi connect කරගන්න.


දැන් Cydia open කරගන්නකෝ


Open කරපු ගමන් Cydia File System එක prepare වෙන්න ගනී. ටික වෙලාවක් ගන්නවා මේ වැඩේට.වෙලා යනවා කියලා ෆෝන් එක off කරන්න එහෙම එපා.


File System එක prepare වෙලා ඉවර උනාම එක පාරටම ෆෝන් එක off වෙලා ආයෙ on වෙයි.

දැන් ආයේ cydia open කරගන්න. ඔන්න දැන් හරි.

මොනවරි අව්ලක් උනොත් එහෙම i tunes  connect කරලා කලින් ගත්ත backup එකෙන් i phone එක Restore කරගන්න.

ඉදිරියේදී අනෙක් iOS  versions වලටත් දෙන්නම්. එතකන් අපිත් එක්කම රැදිලා ඉන්න.

Post a Comment

1 Comments

Unknown said…
Elz machan supiri keep it up.
Macho i cloud remove karana trick ekakuth kiyala depanko.