Advertisement

Responsive Advertisement

Mobile පෝන් වල තියන Sensor ගැන

ඉස්සර නම් මොබයිල් පෝන් එකක් ගත්තම කෝල් ගන්නයි msg කරන්නයි තිබ්බම ඇතිනේ නමුත් අද වන විට එක එක් දෙයක් විතරක් වෙලා මොකද එක එක දේවල් පෝන් එකට එන නිසා මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ සෙන්සර් කියන දේ ඒ කියන්නේ සංවේදක අපි ඇගේත් තියනවනේ සංවේදක උදාහරණ කිව්වොත් පංච ඉන්ද්‍රියයන් කියන්නේ ඇස කණ නාසය දිව සම ඒවගෙන් එකින් එකට වෙනස් සංවේදක අපිට ලබාදෙනවා සහ එක් ඉන්ද්‍රියක් එක් කාර්යකට පමණක් සිමාවෙන්නෙත් නෑ, හරියට සම වගේ ස්පර්ශය , සිතල උණුසුම ඒ හැම දෙයක්ම අපිට ලබාදෙනවා, මොබයිල් ගත්තත් එක එහෙමම තමා මෙවගේත් සෙන්සර් ගොඩක් තියනවා අපි ඒවා එකින් එක බලමු
මේකෙදි ප්‍රධාන කොටස් 3ක් තියනවා
1.Motion Sensors
2.Environmental Sensors
3.Position Sensors
කියන තුන



Accelerometer


මේක ඇවිල්ල hardware සෙන්සර් එකක් මේකෙන් වෙන්නේ X,Y,Z කියන අක්ෂ 3ක් ඔස්සේ ත්වරණය මැනීමයි

මෙන්න මේක නිසා තමා අපිට පෝන් එකෙන් සෙන්සර් games ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ සම්සුන්ග් පෝන් වල එන්නේ zoom කරන වැඩ කෑල්ලක් අන්න ඒ මේ ඩේ නිසා තමා






Ambient Temperature


මේකත් ඉතින් hardware සෙන්සර් එකක් මේකෙන් කරන්නේ උෂ්ණත්වය මනින එක


Gravity



මේක නම් hardware සහ software කියන වර්ග 2කටම හදන්න පුළුවන් මේකෙන් වෙන්නේ ගුරුත්වජ ත්වරණය මනින එක ඔන්න ඕක නිසා තමා අපිට පෝන් එක හරවනකොට display එක landscape වෙන්නේ


Gyroscope



මේකත් hardware සෙන්සර් එකක් මේකෙන් කරන්නේ device එකේ කැරකිල්ල මනින එක එකත් X,Y,Z  අක්ෂ 3ක භාවිතා කරනවා අපි ඔය මොඩන් කොම්බැට් එතකොට කෝල් ඔෆ් ද ඩියුටි වගේ games ගහද්දි මේ තාක්ෂනය බෙහෙවින් භාවිතා කරනවා




Light



මේකත් hardware සෙන්සර් එකක් මේකෙන් තමා ඔය screen එකේ brightness එක අඩු වැඩි වෙන්නේ 




Linear Acceleration


ගුරුත්වාකර්ෂණය ගණන් ගන්නේ නැතුව X,Y,Z අක්ශ වලට තවරන මනින එක තමා මේකෙන් වෙන්නේ මේක වැදගත් වෙන්නේ ඔය ත්වරණ මනින උපකරණ වගේ ඒවාට


Magnetic Field



මේකත් hardware සෙන්සර් එකක් මේකෙන් වෙන්නේ magnetic field එක මනින එක ඔය මැප් එකේ එහෙම අපි හැරෙන හැරෙන අතට හැරෙන්නේ මේ නිසයි


Orientation



මේකනම් software සෙන්සර් එකක් මේකෙන් වෙන්නේ පෝන් එක තියන තැන සංවේදනය කරන එක

Pressure

මේකනම් hardware සෙන්සර් එකක් වායු පීඩනය මනින එක තමා මේකෙන් වෙන්නේ මැනුම් ඒකක වෙන්නේ hPa හෝ mbar


Proximity

මේකත් hardware සෙන්සර් එකක් මේක නිසා තම අපි කෝල් එකක් අරන් පෝන් එක කනේ තියාගන්නකොට display එක off වෙන්නේ මොකද නැත්තම් display ඕන එකේදී මුනේ තියාගත්තොත් පෝන් මුනෙන් touch වෙන එක නිසා


Humidity

මේකත් hardware සෙන්සර් එකක් මේකෙන් වෙන්නේ වාතයේ ආර්ද්‍රතාවය මනින එක


Temperature

මේකත් hardware සෙන්සර් එකක් මේකෙන් වෙන්නේ උෂ්ණත්වය මනින එක


 Pedometer

මේකෙන් වෙන්නේ අපි තියන පියවර ගණන මනින එක


Heart Rate Monitor

මේකෙන් වෙන්නේ pressure එක මනින එක අපේ





Fingerprint sensor

මේකෙන් වෙන්නේ අපේ අගිලිසලකුණු ගන්න එක






Smart Stay Smart Scroll Smart Pause

මේක නම් software ඈ මේකෙදි වෙන්නේ අපි තිරය දිහා බලන් ඉන්නකල් පෝන් එකේ display එක off නොවී තියාගන්න එක
අනිත් එකෙන් වෙන්නේ අපි ඇස පහලට ගෙනියද්දි page එකේ පහලට scroll වීමයි




UPDATING POST 

Post a Comment

1 Comments

Unknown said…
This comment has been removed by the author.