Advertisement

Responsive Advertisement

Skype Account එකක් නැතිව call ගමු




සාමාන්යෙන් ඔබ ස්කයිප් හරහා පුද්ගලයෙකු සම්බන්ධ කරගන්නා විට ඔබට හා එම පාර්ශවයට යන දෙපාර්ශවයටම ස්කයිප් ගිණුම් තිබිය යුතුය.මොහොතක් සිතන්න ඔබ පුද්ගලයෙක් සමග ස්කයිප් හරහා කෝල් එකක් ගැනීමට ඔහුට ආරාධනා කළ විට ඔහුට ස්කයිප් ගිණුමක් නොතිබුණහොත්?

මේ දුෂ්කරතාවට පිළියමක් ලෙස  Microsoft සමාගම මේවන විටත් නව හදුන්වා දීමක් සිදු කර තිබෙනවා.ඒ ස්කයිප් ගිණුමක් නොමැති වුවද  Link එකක් Share කිරීම මගින් ඔබ සහ අනෙක් පාර්ශවයට Skype for Web හරහා සම්බන්ධ වීමේ විශේෂාංගයයි.

ඔබ ස්කයිප් වෙත ලොග් වී බැලුවහොත් වම්පස Contacts හි ඇති New කියන Button එක click කිරීමෙන් පසු ඔබට ස්කයිප්හි පහතින් Your Conversation is all setup ලෙස ලිංක් එකක් දිස් වේ.එය කොපි කර ඔබට අවශ්යස ස්කයිප් නොමැති කෙනෙකුට Share කරන්න.එවිට එම පුද්ගලයා ලිංක් එක ඕපන් කළ සැනින් Skype for Web හරහා ඔබ සමග ඉතාම පහසුවෙන් සම්බන්ධ වීමට හැක.ස්කයිප් නොමැති ඕනෑම අයෙකුට මේ විදිහට සංවාදයක් ආරම්භ කරන්න පුලුවන්.ඔයාලත් එහෙනම් කරල බලන්න

Post a Comment

0 Comments