Advertisement

Responsive Advertisement

Fake අයිෆෝන් සොයාගනිමු

ආ යාලුවනේ අදත් ආව වැදගත් දෙයක් අරගෙන දැන් හැමතැනම චයිනා ෆෝන් ගොඩ ගැහිලා මොකද ලාබයිනේ ඒත් ඒ අතර තියෙනවා හොද Brandname භාවිතා කරලා හදන හොර කොපි මම කලින් post එකෙන් අරන් ආව එහෙම හදන ගැලැක්සි SIII එක ගැන අද මම කියන්න යන්නේ Apple නම භාවිතා කරලා හදන Fake අයිෆෝන් ගැන




මේවා කිසිමවිටක original නෙමේ චයිනා ජාවා OS එකක් බාවිතා කරලා හදන තවත් එක් කොපියක් විතරයි...
 මේවා හොයාගන්න එක බොහොම ලේසියි අපි එකින් එක ඒවා හොයාගනිමු


01:- අයිෆෝන් ගැන හොදින් දන්නා කෙනෙක්ට අතට ගත්ත ගමන් මේවා හොයාගන්න පුළුවන් Original එකේ තියෙන smooth ගතිය මේවට ගන්න කවදාවත් බෑ..(LockScreen එකේ Slide To Unlock එකෙන්ම හොයාගන්න පුළුවන්) 

02:- ඊලග එක තමයි Original අයිෆෝන් එකක IMEI අංකය පටන් ගන්නේ 01න් නමුත් කොපියේ එහෙම නෑ(for Imei dial *#06#)

03:- තවත් වැදගත්ම එකක් තමා අයිෆෝන් එකක IMEI අංකය Apple Server එක හා සම්බන්ද වෙබ්අඩවියක යොදා එය Original එකක්මදැයි සොයා ගැනීමට ඇති හැකියාව (එවැනි වෙබ්අඩවි කීපයක් පහත දක්වා ඇත)
  *http://iphoneimei.info/
  *iphoneox.com/‎
  *http://iunlocker.net/check_imei.php

04:-තවත් එකක් තමයි Original  අයිෆෝන් එකක සදහන් වෙන්නේ Design by Apple in California Assembled in China යනුවෙන් වෙනත් කිසිදු යමක් සදහන් අයිෆෝන් original ඒවා නොවේ(මෙසේ සදහන් වූ හොර කෝපිත් තියෙනවා)



05:- ගන්න පිහියක් වගේ යමක් අරන් සූරන්න ඉදිරි වීදුරුව Original එකක්නම් පිහපුවාම පාරක්වත් හිටින් නෑ හොර කොපියක්නම් ඉවරෙටම ඉවරයි (මේකනම් ටෙස්ට් කරන්න වැඩියෙම ඕනේ නෑ අනිත් ඒවගෙන් ටෙස්ට් කරන්න මේක කරන්න ගිහින් ගුටි කන්නනම් එපා)

06:- original අයිෆෝන් ෆුල්සීල් (පියන් එහෙම නෑ බැටරිය එහෙම බලන්න)

07:- තවත් එකක් තමයි original අයිෆෝන් ON වෙන්න ටිකක් වෙලා යනවා 

ඔන්න ඕවගේ දේවල් වලින් මේවා හොයාගන්න පුළුවන්


Post a Comment

0 Comments