Advertisement

Responsive Advertisement

චන්ද්‍රිකා තාක්ෂනය මුල සිට සරලව


දැනටම අපි දන්නවනේ පෘතුවියෙන් ඉහල අහසේ ගොඩක් සැටලයිට් ප්‍රමාණයක් විවිධ අවශ්‍යතා සදහා විවිද අය විසින් යවල තියෙන බව.ඒ හැම සැටලයිට් එකම ස්ථාන ගත වෙලා තියෙන්නෙත් සමකය උඩ අහසේ ක්‍රම වත් පිළිවෙලකට.

ඉතින් මේ හේතුව හින්ද එදා මන් කිව්වා වගේ අපිට ගන්න ඕන සැටලයිට් එකේ පිහිටුම හොයාගෙන එතනට ගිහින් උඩ බලන් ඩිෂ් එකක් ගානේ හයි කරන්නත් බෑ.අනික එක අයිති වෙන කාගේ හරි ඉඩමක වෙන්නත් පුළුවන්නේ.ඔය කරුණු හින්දා තමා මේ ක්‍රමය දියුණු කලේ මේ ක්‍රමය පාවිච්චි කරලා අපිට පුළුවන් නියමිත පිටුවීම දන්නා ඕනෙම සැටලයිට් එකකට තමන්ගේ සැටලයිට් ඇන්ටෙනාව දිශා ගත කරගෙන ඒකෙන් එන සිග්නල් එක උපරිම ප්‍රබල තත්වයෙන් ලබා ගන්න.මේ වැඩේට බහින්න කලින් අපි අක්ෂාංශ , දේශාංශ , Azimuth ,Elevation කියන ඒවා හදුනා ගෙන ඉමු.

අක්ෂාශ / Latitudes 

අක්ෂාංශ කියන දේ ගැන නම් අපි ඉස්ස්කොලේ යන කලේ ඉගෙන ගත්තනේ හොදට එත් තව පාරක් මේ වැඩේට ඕනේ වෙන හින්දා බලමු රූප සටහන් එක්ක.අක්ෂාංශ කියන්නේ අපේ පෘතුවියේ තිරස් අතට ඇඳපු මනඃ කල්පිත රේකා පද්ධතියක්. අංශක 0 දරන රේකාව තමා සමකය (Equator) යන නමින් හදුන්වන්නේ.ඊට පස්සේ උත්ත්‍රාත් ධ්‍රැවයට හා දක්ෂිනත් ධ්‍රැවය දෙසට රූපයේ පිළිවෙලට මේ රේකා පද්ධතිය විහිදෙනවා. දක්ෂිනත් ධ්‍රැවය පැත්තේ කෙලවරේම තියෙන්නේ දකුණු අක්ෂාංශ 90.


දේශාංශ / Longitudes

දේශාංශ කියන්නේ උත්‍රාත් ධ්‍රැවයේ සිට දක්ෂිනත් ධ්‍රැවය දෙසට ඇඳපු රේකා පද්ධතියට .පහත රූපයෙන් තේරුම් යාවී . දේශාංශ 0 කියන්නේ ඒ විදිහට එංගලන්තේ ග්‍රිනිච් නගරය උඩින් වැටිලා තියෙන රේකාවට.ඊට පස්සේ එතන ඉඳන් ලෝක ගෝලයේ නැගෙනහිර පැත්තට තියෙන රේකා නැගෙනහිර දේශාංශ කියලත්, බටහිර පැත්තට තියන රේකා බටහිර දේශාංශ කියලත් හඳුන්වනවා .නැගෙනහිර පැත්තට අංශක 180 කුත් , බටහිර පැත්තට අංශක 180 කුත් තියෙනවා. රූපයෙන් පැහැදිලි වේවි හරියටම.



Elevation

රූපය දිහා හොදට බලන්න , Elevation කියන්නේ අපේ සැටලයිට් ඇන්ටෙනාව හරි කෙලින් උඩු අතටත්,පහල අතටත් හැරවෙන ප්‍රමාණය .ඒ කියන්නේ ක්ෂිතිජය දිහා ඉඳල හරි කෙලින් උඩු අතට හැරවුණු කෝණය තමා අපි මේ අගයෙන් හඳුන්වන්නේ.මේ අගය මනින්නේ අංශක වලින්.හරියටම ක්ෂිතිජය අංශක 0 අගයකුත්,හරියටම උඩු අත අංශක 90 අගයකුත් විදිහට තමා අපි මින් ඉදිරියට සලකන්නේ.පැහැදිලිද කියලා මං හිතනවා

Azimuth

Azimuth කියන දේ නම් හරියටම තේරුම් ගන්න ඕනේ ,මොකද මේක ඉතාම වැදගත් වෙන දෙයක් මින් ඉදිරියට.ඒ හින්දා පියවරෙන් පියවර ඉස්සරහට යමු අපි.හිතන්න උතුරු දිශාව බලාගෙන ඉන්නවා කියල ,ඊට පස්සේ ටික ටික හැරෙනවාකියල හිතන්න නැගෙනහිර පැත්තට,මෙහෙම හැරෙන කෝණය තමා අපි මේ azimuth කියල හඳුන්වන්නේ. ඔය විදිහට අපි සම්පූර්නෙන්ම හැරුනා කියල හිතන්න නැගෙනහිර දිශාවට, දැන් අපි මේ වෙනකොට හැරුන මුළු කෝණය හරියටම අංශක 90 ප්‍රමාණයක්.ඔය විදිහට අපි සම්පූර්නෙන්ම දකුණු දිශාවට හැරුනොත් අපි හැරුන මුළු කෝණය අංශක 180 යි. දැන් පැහැදිලියි නේද Azimuth කෝණය හදා ගන්න හැටි?ඔය විදිහට සම්පූර්නෙන්ම බටහිර දිශාවට හැරුනාම අපේ Azimuth අගය අංශක 270 යි.දැන් හරියටම පැහැදිලි නේද මේ Azimuth අගය කියනදේ ගැන?රූප සටහනේ තියනවා මේ අගයන් සලකුණු කරලා. 


මේ තියෙන්නේ Azimuth හා elevation අගයන් එකම සටහනක දැක්වෙන ආකාරය.



දැන් පැහැදිලිනේ අක්ෂාංශ, දේශාංශ , Azimuth , Elevation , කියන කාරණා ගැන.දැන් බලමු මම අර කලින් කියපු විදිහට අපිට අවශ්‍ය සැටලයිට් එකකින් එන සිග්නල් එක ලබා ගන්න පුළුවන් විදිහට ඇන්ටෙනාව හරවන්නේ කියල.අපි බලමු ඊලග පාඩමෙන් ලංකාවට ඉහලින් තියෙන චන්ද්‍රිකාවක සිග්නල් ගන්න පුළුවන් වෙන විදිහට ඩිෂ් ඇන්ටෙනාවක් හරවන හැටි ...

වැරදි ඇතොත් නිවරදි කිරිමට සහය වන්න



Post a Comment

0 Comments