Advertisement

Responsive Advertisement

Original Nokia 1280 හදුනා ගනිමු

Nokia 1280 එක කියන්නේ එක කාලෙකදි රැල්ලට use කරපු 4n එකක්.දැනුත් කොච්චර ලොකු 4n තියන අය ගාව වුනත් 1280ක් show එකට වගේ තියාගෙන ඉන්නව.ඒ අතරෙ සමහරැ show එකට නැතිව බොක්කෙන්ම මේ 4n එක use කරනව.ඔය දවසම මල් කඩ කඩ කෑලි කරන එවුං ගාව 1280 දෙක දෙක තියනව.

හරි කොහොමහරි මේ 4n එක මෙච්චර ජනප්‍රිය වුනේ ඒකෙ key pad නිසා කියලයි මට හිතෙන්නේ.තව දේවලුත් තියනව.මේකෙ keys ඈතින් ඈතින් තියන හින්ද type කරන්න හුඟක් ලේසියි.සෙනිකවම msg ක් කොටන්න පුලුවන්. මම දැකලතියන ගොඩක් ආච්චිලා සීයල(කියන්නේ පරන පරම්පරාවල කස්ටිය) use කරන්නෙත් 1280 එක.

අපෝ කතාව දික්වුනා.මේක ලියන්න හිතුවෙ දැන් ලංකාවෙ හැමතැනම වගේ fake 1280 වැහි වැහැල.ikman.lk දාලා තිබ්නට මම 4n ක් ගන්න යද්දි තමා මේක දැක්කෙ.දැන් 1280 ඉල්ලපුවම දෙන්නෙම fake එ්ව.කුරුණෑගලනම් කඩ පිරෙන්නම indian 1280 ගොඩ ගහල තියෙන්නේ.කොටුවේ ඒවන කතා කරන්නවත් දෙයක් නෑ.

හැබැයි අපේ කස්ටිය මෙහෙම දේවලුත් හිතනව.(හැමෝම නෙවෙයි හරිද)

* යකෝ box එකත් එක්කNokia brand new 4n ක් 1300-1500කට තියෙද්දි අපි මොකටද use කරපු කුණු කරගහන්නෙ.
* අතේ කීයක් හරි තියනවනං Rs.1500 මොකද්ද,කැඩුනම විසිකරන එකනෙ.


හරි box එකේ කුණු දාල දුන්නත් , ආ box එක තියනවනෙ කියල අරගන්නව ද?scanner kui color printer kui තියනවනම් අපිටත් box ගහන්න පුලුවන් bro.
1500 ට අරගෙන කැඩුනම කවුරුත් ඒවා විසිකරන්නෑ.repair කරන තැනකට උස්සගෙන ගිහින් කීය කිවුවත් හදාගන්නව.

ඒත් මං කියන්නේ මේ fake 4n(indian and other 1280 repleca) ගත්තම කන්ඩ වෙන කටු ගැන.හොඳ original 4n ක් ගත්තම කවදාවත් මේ දේවල් වෙන්නෑ.(මං 8 වසරෙදි ගත්තු 1280 එක තාම use කරනව.)

මුලින්ම එන්නෙ ඉතිං සිග්නල් අවුල් තමා.
ර්ට පස්සෙ අනිවා sim කේස්
Hand Free jack එකත් කේස් එනව radio අහනවනං
තව msg කොටනකොට පිස්සු හැදෙනව (එකක් ගහල ටිකක් වෙලා ඉන්න ඕනෙ අනික ගහන්න.)
Nokia පොඩි 4n stuk වෙනව ද?ඒත් මෙවුවනං සුපිරියට stuck වෙනව.

එකී මෙකී නොකී බොහෝ අවුල් එනව අරගෙන මාසයක් යන්න කලින්.මේ අවුල් තව විස්තර කරොත් තවත් දික් වෙන නිසා මං දන්න විදියට කියලදෙන්නම් හොඳ original 1280 ක් හොයාගන්න විදිය.මේවනං ගොඩක් අය දන්නවත් ඇති.

මුලින්ම කියන්න ඕනෙ දැන් brand new box පිටින් original 1280 එන්නෙ නෑ.(එහෙම කියල box තියන ඔක්කොම fake නැති ඒවා original වෙන්නෙත් නෑ.box එකෙන් මොන 4n එකක්වත් මනින්න එපා.)
ඔයා1280ක් ගන්න යනවනං ,කලින් මෙක use කරල නැත්තන්,original 1280 ක් use කරපු එකෙක් එක්ක යන්න.උන් අපිට වඩා දන්නව.

*#06# ගහල imei number බලල මතක තියාගෙන ඉන්න.(මුල් ටිකයි අග ටිකයි විතරක් මතකතියාගත්තොත් ඇති.)battery ගලවල 4n එකේ sticker එකෙත් තියෙන්නෙ ඒකමද බලන්න.ඒකමනං අවුලක් නෑ.නැත්නම් එක්කො sticker ගහල හරි middle එක මාරැ කරල ඇති.මේවටන ඒක ලොකුවට බලපාන් නෑ.ටිකක් ලොකු 4n වලට නම් බලපානව.ඒ ගැන මං වෙනම post එකක් දාන්නං



මේ 4to එකේ වගේ fake එකක sticker වත් හරියට නෑ.හැබැයි දැන් sticker ගහන්නත් පුලුවන් නිසා sticker එකෙන් 4n එක මනින්නත් එපා.මේකෙ මේ sim දාන තැන රවුම්කරපු තැන බෝල ටිකක් තියෙන්නේ ඒක මතකතියාගන්න.හොඳ original එකක විතරයි ඒවා අලු මිනිරන් පාට.fake හැමඑකක්ම රත්තරං වගේ දිලිසෙන පාටක් තියෙන්නේ.
Original 4n එකක mother board හදන්නෙත් foxcon වගේ කට්ටිය.4to එකක් දැන් නෑ.පස්සෙ දාන්නං



Original 4n එකක කවදාවත් signal full උනාට මෙහෙම පෙන්නන්නෑ.මේවනං ගොඩක් වෙලාවට full ම තමා.dailog ද mobiltel ද කියලවත් පෙන්නන් නෑ.එක බලන්නත් settings යන්න ඔනෙ.



Original වල ඉමිය එකෙම්ම පෙන්නනව.fake වල විතරයි යටට යටට පෙන්නන්නේ



Fake වල display backlight එකත් එක්ක ටෝච් කැලේ.original වල menu list එකට අංක දාල නෑ.
මේවයෙ software mod කරල තියෙන්නේ.bluetooth තියන 1280 එකකුත් මං දැකලතියනව.ඒකon කලාම touch එක පත්තු වෙන්නෙ.

මේ 4to දාල තියන fake 4n එක අරන් සතියක් යන්න කලින් නිකම්ම display එකේ ඉරක් ගිහින්. 

 ආ තව දෙයක් on කරනකොට hello වගේ වෙන දේවල් එන්නෙ අමුම අමු fake වල විතරයි.ඒත් දැන් අලුත් fake වලනම් original විදියටම on වෙනව *#0000# කෝඩ් එකත් වැඩ.කොහොමහරි fake වල software එක original එක ලගින්වත් තියෙන්න බෑ.තාම ඒතරම්ම developed කරල නෑ.තව ටික කාලෙකින් 4n එක ගලවන්නම වෙයිද දන්නෑ original ද කියල බලන්න.  

Setting  phone settingslanguage වල සිංහල තියනවනං බඩුම තමා.මේ 4n වල සිංහලෙන් msg ගහන්න පුලුවන්.එන සිංහල msgපෙන්නව. මේව හොයාගන්න ට්කක් අමාරැයි.තව සෙට් එකක් තියනව ඒවයෙ සිංහල type කරන්න බෑ ඒත් msg පෙන්නනව.තවත් සෙට් එකක් තියනව ඒවයෙ මේ දෙකම බෑ.හැබැයි ඔක්කොම original.ඒත් fake වල මේ මුකුත් බෑ .

4n එකෙන් බලන කස්ටියට දිග අැති , pcන් බලන අයට කොට ඇති.කොහොමහරි මගේ පලවෙනි post එක ඉවරයි.ඇත්තටම මට ඉංග්‍රීසි පොඩිකාලෙ ඉඳන් බෑ.අකුරු වැරදිලා කුණුහරුප වල තේරුම් එනවනං sorry හොඳේ.අදහස් යෝජනා චෝදනා වැරදි තියනවනං කියන්න.මං කැමතියි ඒව හදා ගන්න.

Post a Comment

0 Comments