Advertisement

Responsive Advertisement

WHATSAPP සමාගමෙන් දුරකථන හිමිකරුවන්ට නිවේදනයක්



මෙම වසර අවසානයත් සමග දුරකථන විශේෂ කිහිපයක WhatsApp සේවාව ක්‍රියාත්මක නොවන බව එම සමාගම පවසනවා. 

ඇතැම් දුරකථනවල WhatsApp විශේෂාංගය වඩාත් හොඳින් ක්‍රියාකාරීව තිබියදී එය ඉවත් කර ගැනීමට තීරණය වී ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ. 

2016 දෙසැම්බර් 31 වනදායින් පසු මෙම විශේෂාංගය ක්‍රියා නොකරන දුරකථන පිළිබඳ WhatsApp සමාගම විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. 

අදාල නිවේදනය පසුගිය පෙබරවාරි මාසයේදී ද ඔවුන් විසින් නිකුත් කරනු ලැබුවා. 

WhatsApp සමාගම විශ්වාසය පළකරන්නේ විශේෂාංගයට නවීන තාක්ෂණය අන්තර්ගත කල යුතු බවයි. 

එම අන්තර්ගතයන්ගෙන් පසු අදාළ දුරකථන විශේෂාංගවලට යළිත් පහසුකම ක්‍රියාත්මක වනු ඇතැයි ද සමාගම ප්‍රකාශකර තිබෙනවා.

දෙසැම්බර් 31 වනදායින් පසු WhatsApp ක්‍රියාත්මක නොවන ජංගම දුරකථන පහතින්. 

BlackBerry OS and BlackBerry 10

Nokia S40

Nokia Symbian S60

Android 2.1 and Android 2.2

Windows Phone 7.1

iPhone 3GS/iOS 6

Post a Comment

0 Comments