Advertisement

Responsive Advertisement

පිටරට මාර්තු මාසයේ iPhone 5SE සහ iPad Air 3 අලෙවියට සූදානම් ද ?



Apple උපාංග භාවිතා කරන්න ආස අයට දැනගන්න සුබ ආරංචියක් තියනවා. ඒ තමයි ලබන මාසේ 18 වනදා ඒ කියන්නේ මාර්තු 18 වනදා Apple සමාගම තමන්ගේ නවතම දුරකථනයක් වන iPhone 5SE සහ නවතම iPad එක වන iPad Air 3 අලෙවියට සුදානම් වන බවයි. මේ ආරංචිය අපිට දැනගන්නට ලැබෙන්නේ 9to5Mac වෙබ් අඩවියෙන්. මේ තොරතුරු උපුටාගත් ස්ථානයක් පිළිබඳව නම් නිශ්චිත ලෙස සඳහන් වෙන්නේ නම් නෑ.

නමුත් ඉදිරි දින 30ක කාලයක් තුල අපිට මේ ලැබෙන ආරංචිය සත්‍යක් ද නැති ද යන වග දැනගන්න ලැබෙයි. දැනගන්න ලැබෙන විදියට Apple සමාගම මේ නව උපාංග දෙක හඳුන්වා දීමෙන් දින දෙකකට පසු මේවා වෙළඳපොලේ අලෙවියට නිකුත් කිරීමට සැරසෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ පූර්ව අලෙවියකට මෙවර ඉඩ හිමිවන්නේ නැති හැඩයි. සාමාන්‍යයෙන් Apple සමාගම ඔවුන්ගේ උපාංග හඳුන්වාදීමෙන් පසු සති දෙකක පමණ කාලයක් පූර්ව අලෙවි කාලයක් ලෙස ලබා දෙනවා.

දැනගන්නට ලැබෙන ආකාරයට මේ නව iPhone 5SE එක ප්‍රමාණයෙන් කුඩා වෙනවා. iPhone 6s සහ 6s plus වල ප්‍රමාණයට ප්රියනොකරන පාරිභෝගිකයන් හට මෙය විශේෂයෙන් ම නිර්මාණය වන බව දැනගන්න ලැබෙනවා. මේ දුරකතනයේ ප්‍රමාණය හැරෙන්නට අනෙක් සියලුම පහසුකම් iPhone 6s එක හා සමාන බවත් ආරංචි වෙනවා.

ඒ වගේම iPad එක LED flash එකකින් සමන්විත වන බවත් එය Smart Connector සහ Apple Pencil වැනි iPad Pro උපාංග සමඟ ක්‍රියාකරන බවත් පැවසෙනවා.

iPhone 7 එක ඔවුන් සුපුරුදු පරිදි සැප්තැම්බර් මාසයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ලු.

Post a Comment

0 Comments