Advertisement

Responsive Advertisement

HTC One X9, 2016 පළමු කාර්තුවේ




HTC සමාගමේ අලුත්ම ස්මාර්ට් දුරකතනයක් පිළිබඳව අපට දැනගැනීමට ලැබුණා. HTC One X9 ලෙස නමවන මෙම දුරකතනයේ අලුත්ම තොරතුරු කිහිපයක් මේ.

geeky gadgets වෙබ් අඩවියේ සඳහන් වන මෙම පුවතෙන් ඔවුන් විශේෂ කරුණු කිහිපයක් සඳහන් කරයි. ඒ අනුව HTC One A9 වලට වඩා අලුත් තාක්ෂනයකින්ද, මිල ගණන් අඩුවෙන්ද මෙම දුරකථනය නිපදවීමට නියමිතයි.

මෙම පුවත LlabTooFer විසින් නිකුත්කළ අතර 2016 පළමු කාර්තුවේදී HTC One M10 දුරකතනයට පසුව මෙය නිකුත් වනු ඇති.

ඔවුන් පවසන අන්දමට මෙම HTC One X9 දුරකතනයේ QHD තිරයකින්ද, Qualcomm Snapdragon 820 processor එකකින්ද, 4GB රම ධාරිතාවයකින්ද යුක්ත වේවි.

Post a Comment

0 Comments