Advertisement

Responsive Advertisement

Apple සමාගම හඳුන්වාදෙන Apple පැන්සල සහ Smart Keyboard


Apple සමාගම 9 වනදා San francisco හි පැවති සමුළුවේ දී Apple iPhone 6s සහ 6s plus දුරකථන දෙක වගේම iPad Pro සහ Apple Pencil ස්ටයිලසයත් හඳුන්වා දුන්නා. බොහෝ දෙනෙක් මේ නව Stylus එක හඳුන්වා දෙන තුරු නොයිවසිල්ලෙන් බලා සිටියේ මෙවැනි උපකරණයක් නිර්මාණය වීම පිළිබඳව කලකට ඉහත පටන්ම විවිධ නිල නොලත් ආරංචි මාර්ග වලින් කටකතා පැතිරීම නිසයි. මේ නව ස්ටයිලසය හඳුන්වා දී තිබෙන්නේ iPad පාරිභෝගිකයන් සඳහායි. ඒ වගේම iPad භාවිතා කරන්නන් සඳහා ස්මාර්ට් යතුරුපුවරුවක් ද (Smart Keyboard) හඳුන්වා දෙනු ලැබුවා.


සාමාන්‍යයෙන් Apple iPad එකේ තිරය මත දිස්වන යතුරු පුවරුවේ දිගු වෙලාවක් ටයිප් කිරීම තරමක් අපහසු වෙන්න පුළුවන්. මෙයට විසඳුමක් ලෙස තමයි මේ නව යතුරු පුවරුව හඳුන්වා දී තියෙන්නේ. මෙය මයික්‍රසොෆ්ට් සමාගම නිර්මාණය කල Surface keyboard එකට ගොඩක් සමානයි. මේ යතුරු පුවරුව $169 වැනි මුදලකට වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇත. ඒ වගේම iPad එකේ වැඩ කරද්දී stylus එකත් පාවිච්චි කරන්න පුළුවන්. එයත් ඔබට $100ක් වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්.


 Apple හඳුන්වලා දුන්නු මේ අලුත් Stylus එක ඉතා සංවේදියි. ඒ වගේම පිඩනයට වගේම ආනතියටත් සංවේදී නිසා ඉතා අපූරු නිර්මාණ සිදුකිරීමේ හැකියාවක් පවතින බව පැහැදිලි වෙනවා. මේ ගැන වැඩි දුර තොරතුරු ඉදිරියේදී කතා කරන්න පුළුවන් වෙයි

Post a Comment

0 Comments