Advertisement

Responsive Advertisement

සිම් නැතුව කතාකරන්න නුදුරේදීම Google Conection



අන්තර්ජාලයේ සැරිසරණ ඔබටනම් නිතර ඇසෙන සමාගමක් වන Google සමාගම නව දෑ ලොකයට හදුන්වාදීමට බොහෝසෙයින් වෙහෙසෙන ආයතනයක් බව සෑම දෙනාම දන්නා හදුනන කරුනක්. එය සත්‍යක් බවට තහවුරු කරමින් සෑමවසරකම නව තාක්ෂණයෙන් සපිරුනු දෙයක් ඔවුන් පාරිභොගිකයන්ට පිරිනමනවා. ඔබ ඇතැති ජංගම දුරකථනයක් භාවිතා කිරීමටනම් සිම් එකක් තිබිය යුතුමයි. නමුත් Google සමාගම මගින් සිම් රහිතව කතා කිරීමට හැකි තාක්ෂණයක් පිලිබද මේ දිනවල පර්යේශණ කරන බව අපට අසන්නට ලැබුනා.

එහ් ප්‍රථම අදියර ලෙස නව ජංගම දුරකථන ජාලයක් නිර්මාණය කිරීමට ඔවුන් වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. එය නම් කර ඇත්තේ NOVA යන නමින්. NOVA සම්බන්ධතාවයට රැහැන් අවශ්‍ය නොවීම මෙහි ඇති විශේෂත්වය වනවා.ඉදිරි වැඩකට යුතු කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික ක්‍රියාකාරකම් සදහා Google සමාගම Sprint සමාගම සහ T-Mobile යන සමාගම් මිලදී ගැනීමට කටයුතු කරතැයි පැවසෙනවා.

මෙම සේවාව ආරම්භයේදී Sprint සහ T-Mobile ආවරණය සහිත ප්‍රදේශයන් පමනක් ආවරනය වන අතර කෙටි කලකින් අනිත් පැති වලටද මෙම සේවාව ගෙන යනබව පවසනවා. 

මෙම නව තාක්ෂණ ක්‍රියාවලිය නුදුරේදීම ඔබවෙත ගෙන ඒමට හැකිවෙතැයි ඔවුන් පවසා සිටිනවා. මේ පිලිබන නවතම විස්තර Fixed Firmware Blog  අපි ඔබ වෙත ගෙන ඒමට සූදානම්

Post a Comment

0 Comments