Advertisement

Responsive Advertisement

බවුත් එකකින් නිවැරදිව පාස්සන හැටි ඉගෙන ගනිමුද?

අද මම සාකච්චා කිරීමට බලපොරොත්තු වන්නේ බවුත් එකක් ආධාරයෙන් පරිපථයක් නිවැරදිව පාස්සා ගන්නා ආකාරය ගැනයි. ඔබ නිතරම බවුත් එකේ පිරිසිදුකම ගැන සැලකිලිමත් විය යුතු වනවා. ඒ මන්දයත් බවුත් එක උණුසුම් වී ඇති අවස්ථාවක බවුත් එකේ තුඩ හෙවත් Soldering Iron Tip එක ප්ලාස්ටික් වැනි ඇලෙන සුලු ද්‍රව්‍යන් සමග   ගැටීමක් සිදුවුවහොත් දියර බවට පත්වූ ප්ලාස්ටික් කොටස් බවුත් එකේ තුඩෙහි තැවරී තිබුනහොත් ඔබට හොද පෑස්සීමක් කිරීමට හැකිවන්නේ නැහැ. එසේම තදින් රත්වූ බවුත් එකක් යොදාගෙන පෑස්සීම් කල පසුත් ඊයම් වැනි ද්‍රව්‍යය බවුත් එකේ තුඩෙහි තැවරී තිබිය හැකියි. මෙවැනි අවස්ථාවකදී පෑස්සීම් කටයුතු අවසන් කළ වහාම බවුත් එකේ තුඩ උනුසුම්ව තිබියදීම පිරිසිදු කර ගැනීම වඩාත් පහසු වනවා. බවුත් එකේ උණුසුම අඩුවූ පසුව ඊයම් වැනි දෑ බවුත් එකේ තුඩින් ඉවත් කිරීමේදී එයට හානියක් සිදුවිය හැකියි.බවුත් එකේ තුඩ පිරිසිදු කර ගැනීම සදහා ඝණකම් ස්පොන්ච් කොටසක් යොදා ගැනීම වඩාත් සුදුසුයි.

බවුත් එකක් මගින් ප්‍රායෝගිකව පෑස්සීමක් කරනා අයුරු


පරිපථයක් පෑස්සීම ආරම්භ කළ යුත්තේ අදාළ සියලුම උපාංග නිසියාකාරව එකලස් කර ගැනීමෙන් අනතුරුවයි. එසේම පෑස්සුමට ලක්වන කොටස් නිතරම පිරිසිදුව තිබියයුතුයි. වයර් කැබැලි දෙකක් එකෙනෙකට පාස්සාගැනීම උදාහරණයක් ලෙස ගතහොත් එම වයර් කැබැලි දෙකේම පෑස්සීමට ලක්වන අග්‍ර හොදින් සූරා පිරිසිදු කර ගැනීම කළයුතු වනවා.එක් අතකින් බවුත් එකද අනිත් අතින් පෑස්සීම සදහා යොද ගන්නා ඊයම් දණ්ඩද රදවා ගතයුතු බැවින් පෑස්සීමට ලක්කරන පරිපථය නොසෙල්වන සේ තබා ගැනීමටද උපක්‍රමයක් යෙදිය යුතු වනවා. මේ සදහාද රදවනයක් සාදා ගැනීම වඩා යෝග්‍ය බව මාගේ අදහසයි. පරිපථය සෙලවීමකට ලක්වන විට නියමාකාර පෑස්සීමක් කිරීමට නොහැකියි. තවද මේ සදහා කුඩා ප්‍රමාණයේ දඩු අඩුවක් වැනි උපකරණයක් වුවද භාවිතා කළ හැකියි.තවද පෑස්සීමට ප්‍රථමයෙන් ඔබ පෑස්සීම සදහා යොදා ගන්න ඊයම් කැබැල්ල ද්‍රවයක් බවට පත්කළ හැකි තත්වයට බවුත් එක උණුසුම් වී ඇත්දැයි පරීක්ෂාකිරීමද කල යුත්තක්. මේ සදහා රීයම් දන්ඩ ගෙන බවුතයේ තුඩ මත තබා සැනෙකින් මොලොක් වනවාද යන්න පරීක්ෂා කරගත හැකියි.එසේ ද්‍රවයක් බවට පත් වීමට දිගු කාලයක් ගතවනවා නම් පෑස්සීම සදහ සුදුසු තත්වයට බවුත් එක රත්වී නොමැති බව හැගවෙන අතර එවැනි තත්වයක් යටතේ කෙලෙසකවත් හොද පෑස්සීමක් කල නොහැකියි.මේ සදහා ප්‍රධාන විදුලියේ ධාරාව අධු වීමද බලපෑහැකියි.

රදවනයක් ආධාර කරගන්නා අයුරු

ඉහත පරීක්ෂාකිරීම මගින්  පෑස්සිම සදහා උෂ්ණත්වය අවශ්‍ය මට්ටමේ බවුත් එක ඇති බව සනාථ වූයේ නම් ඔබට පරිපථය පෑස්සීමේ කටයුත්ත ආරම්භ කළ හැකියි. එසේම පෑස්සීම් කරන විට එකම උපාංගයේ අග්‍ර සියල්ලම එකවර පෑස්සීමද නොකල යුතුයි. මන්ද එවැනි අවස්ථාවකදී වුවද අදාල උපාංගය අන්වශ්‍ය ලෙස රත් විය හැකි හෙයිනි. විෂේශයෙන් ට්‍රාන්සිස්ටර් , අයි.සී වැනි උපකරණ පෑසීමේදී මේ බව සිතේ තබා ගත යුතුයි. පෑස්සීම් කටයුතු කරන විටදී බවුත් එක වැඩි වේලාවක් අදාල උපාංගයේ අග්‍ර මත තබාගෙන සිටීමද නොකළ යුත්තක්. අධික උෂ්ණත්වය හේතුවෙන්ද ඉලෙක්ට්‍රොනික් උපාංග වලට හානි පැමිණිය හැකියි. එනිසා තත්පරයක් දෙකක් වැනි කාලයක් ගෙන එක් ස්ථානයක් පෑස්සීම කල යුතු වනවා. මේ සදහා ඔබ ආධුනිකයෙක් නම් ප්‍රායෝගික පරිපථයක් පෑස්සීමට ප්‍රථමයෙන් කම්බි කැබැලි, වයර් වැනි දෑ එකට පෑස්සීම මගින් යම් පුහුනුවක් ලබා ගත යුතු වනවා. නිවැරදි පෑස්සිමකදී අධිකලෙස ඊයම් තැවරීමක් නොකළ යුතු අතරම පිරමීඩයක හැඩයට පෑස්සිම කල ස්ථානය දිස් විය යුතුයි. හොදින් පෑස්සූ පරිපථයක පෑස්සීමට ලක් කළ ස්ථන ස්පර්ශ කිරීමේදී සුමට බවක් දැනිය යුතුයි. එමෙන්ම එම ස්ථානයේ පෑස්සිමට ලක් කළ උපාංගයන්හි අග්‍ර ඉදිරියට නෙරා නොතිබිය යුතුයි. එමෙන්ම පෑස්සීමට ලක්කළ උපාංග වල අග්‍ර එකෙනෙකට තදින් බද්ධ වී තිබිය යුතුයි.

නිවරදිව පාස්සන අයුරු


Post a Comment

0 Comments