Advertisement

Responsive Advertisement

බ්ලූටූත් (Bluetooth)

බ්ලූටූත් තාක්‍ෂණය මගින් සීමිත දුර ප්‍රමාණ තුල තිබෙන බ්ලූටූත් පහසුකම සහිත ඉලෙක්ට්‍රොනික උපාංග රේඩියෝ තරංග භාවිතයෙන් එකිනෙක අතර සන්නිවේදනය සඳහා සම්බන්ධ කළ හැක. බ්ලූටූත් තාක්‍ෂණය මගින් මෙසේ සම්බන්ධ කරන උපකරණ අතර දත්ත හුවමාරු කළ හැක. මෙය කේබල් මගින් එම උපකරණ සම්බන්ධ කිරීම වෙනුවට යොදා ගත හැකි පහසු තාක්‍ෂණයකි. ජංගම දුරකථන, කනේ පැලඳිය හැකි බ්ලූටූත් හෙඩ් සෙට්, පරිගණක ආදිය මෙසේ සම්බන්ධ කළ හැකි උපකරණ අතර වේ.


බ්ලූටූත් නාමය

බ්ලූටූත් නාම‍ය 10 වන ශතවර්ශයේ ඩෙන්මාර්කයේ සිටි හැරල්ඩ් බ්ලූටූත් රජුගේ නම නිසා ඇතිවූවකි. බ්ලූටූත් රජු යුද්ධය නිසා වෙන්වී තිබූ යුරෝපයේ ස්කැන්ඩිනේවියානු රට‍වල් එක්සත් කිරීමට මූලිකව කටයුතු කර ඇත. බ්ලූටූත් තාක්‍ෂණය මුලින් ස්කැන්ඩිනේවියානු රටවල ජනිත වූ අතර එය ඉලෙක්ට්‍රොනික උපාංග එකිනෙකට සම්බන්ධ කිරීමට යොදා ගැනෙන හෙයින් බ්ලූටූත් නමින් ප්‍රවලිත වී ඇත.


බ්ලූටූත් භාවිතයේ උදාහරණ 

ජංගම දුරකථන භාවිතයේදී දු‍රකථනය හා බ්ලූටූත් සම්බන්ධවතාවය ඇති කනේ පැළඳිය හැකි බ්ලූටූත් හෙඩ්සෙට් එකක් භාවිතයෙන් දුරකථන කතාබහක නියැලීමග.

එකලඟ ඇති දුරකථන දෙකක් බ්ලූටූත් මගින් සම්බන්ධවී එකිනෙක අතර දුරකථන අංක, දත්ත ‍ආදිය හුවමාරු කර ගැනීම.

පරිගණකයක ඇති ඩිජිටල් ඡායාරූප, ගීත හා වෙනත් දත්ත ආදිය බ්ලූටූත් මගින් ජංගම දුරකථනයකට ඇතුළු කිරීම.


බ්ලූටූත් මගින් සම්බන්ධ කිරීමට එම උපකරණවල බ්ලූටූත් පහසුකම තිබිය යුතුය. බොහෝ නවීන පරිගණක වල බ්ලූටූත් පහසුකම ඇත. බ්ලූටූත් පහසුකම නොමැති පරිගණකවලට පිටතින් USB බ්ලූටූත් ඩොන්ගල් එකක් සවිකිරීමෙන් බ්ලූටූත් පහසුකම ලබාගත හැක.


බ්ලූටූත් රේඩියෝ සම්බන්ධතාවය

බ්ලූටූත් රේඩියෝ තරංග සඳහා ISM බෑන්ඩ් නමින් හැඳින්වෙන 2.4 – 2.485 GHz රේඩියෝ සංඛ්‍යාත පරාසය භාවිතා වේ. බ්ලූ‍ටූත් රේඩියෝ තරංග ඉතා කුඩා සම්ප්‍රේෂණ බලයකින් සම්ප්‍රේෂණය කෙරේ. එය IEEE 802.15 ප්‍රමිතිය‍ට අනුකූල වේ. බ්ලූටූත් උපාංග සම්බන්ධ කළ හැකි උපරිම දුර මීටර් 1-100  දක්වා එම උපාංගයේ කාණ්ඩය මත වෙනස් වේ.  බොහෝ බ්ලූටූත් උපාංග 2 වන කාණඩයට (Class 2)  අයත් වන අතර මීටර් 10 ක උපරිම දුර සීමාවක් දක්වා එකිනෙක සම්බන්ධ කළ හැක. බ්ලූටූත් සම්බන්ධතාවය‍ට රේඩියෝ තරංග භාවිතා වන නිසා උපාංග එකිනෙක නොපෙනෙන තැනක තිබුනද එනම් බිත්තියකින් වෙන්වු වෙනත් කාමරයක පවා ඇති විට (සීමිත දුරක් තුල) එකිනෙක අතර සම්බන්ධ කළ හැක.

 බ්ලූටූත් උපාංග කාණ්ඩ


කාණ්ඩය
(Class)
උපරිම සම්ප්‍රේෂණ බලය
(Maximum Transmit Power)

සම්බන්ධ විය හැකි උපරිම දුර
1 වැනි කාණ්ඩය (Class 1)
100 mW
100 m
2 වැනි කාණ්ඩය (Class 2)
2.5 mW
10 m
3 වැනි කාණ්ඩය (Class 3)
1 mW
1 m


බ්ලූටූත් දත්ත හුවමාරු වේගය (උපරිම)

1.2 අනුවාදය (Version 1.2)              -            1 Mbit/s
2.0 අනුවාදය (Version 2.0) +EDR   -            3 Mbit/s
3 අනුවාදය (Version 3)         (HS)           -     24 Mbps   

(EDR – Enhanced Data Rate,     HS – High Speed)

පසුව නිර්මාණය කළ අනුවාදයන් (versions) කලින් නිකුත් කළ අනුවාදයන් වලට පසු ගැලපුමින් (backward compatible) යුක්ත වේ.

බ්ලූටූත් උපාංග සම්බන්ධ වීම

සෑම බ්ලූටූත් උපාංගයකටම විශේෂිත වූ යොමු අංකයක් (address) ඇත. බ්ලූටූත් පහසුකම සහිත ජංගම දුරකථන, පරිගණක වැනි සමහර උපාංග වලට අපට අ‍වශ්‍ය හැඳින්වීමේ නමක් පවා ‍‍යෙදිය හැක. එම නම, අංකය හෝ උපකරණයේ වර්ගය පිටත‍ට සම්ප්‍රේෂණය වීමට හෝ නොවීමට අප‍ට අ‍වශ්‍ය පරිදි සැකසිය හැක. උපාංගයේ නම හෝ අංකය පිටතට සම්ප්‍රේෂණය වනවිට තවත් බ්ලූටූත් උපාංගයකට එය පරිලෝකනය කිරීමේදී (scanning) එහි නම හෝ අංකය දැකගත හැක.  බ්ලූටූත් උපාංගයේ නම හෝ අංකය පිටතට සම්ප්‍රේෂණය වීම නවතා ඇති විට තවත් බ්ලූටූත් උපාංගයකට එය දැකගත නොහැක. එහෙත් එහි නම හෝ අංකය දන්නේ නම් සම්බන්ධ කළ ගත හැක.

බ්ලූටූත් උපාංග අතර දත්ත හුවමාරු කර ගැනීමට අවශ්‍ය වූ විට ඒවා එකිනෙකට සම්බන්ධ (pairing)  විය යුතුය.  මෙසේ සම්බන්ධ වූ යුගලක‍‍් trusted pair නමින් හැඳින් වේ.

බ්ලූටූත් උපාංගවලට විශේෂිත වූ රහස් අංකයක්  (passkey) බැගින් ඇත. එය බොහෝ විට තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමටද හැක. බ්ලූටූත් උපාංග දෙකක් එකිනෙක අතර සම්බන්ධවීමට ප්‍රථම  මෙම රහස් අංකය එකිනෙක අතර හුවමාරු කරගත යුතුවේ. එක් උපාංගයකට අනිත් උපාංගයේ රහස් අංකය ඇතූළු කිරීමෙන් සම්බන්ධතාවය සාර්ථක කළ හැක. මෙසේ එක් වරක් සම්බන්ධ කළ යුගලක් නැවත සම්බන්ධ වීමේදී රහස් අංකය නැවත යෙදීම අනවශ්‍යය. අනවසරයෙන් බ්ලූටූත් උපාංග වලට සම්බන්ධ වීම වැලැක්වීමට මෙම රහස් අංකය භාවිතාවේ. එය සාමාන්‍යයෙන් ඉලක්කම් 4 ක අංකයකි.  

Post a Comment

0 Comments