Advertisement

Responsive Advertisement

Wi-FI තාක්ෂණයට වඩා 100 ගුණයකින් වේගවත් Li-Fi

තාක්ෂණය කියන්නේ තප්පරෙන් තප්පරය දියුණු වෙන දෙයක්x මේ අවදිය තුල කොතරම් නම් ලෝකයතුල තාක්ෂණය ඉක්මනින් වෙනස් වූවාද කියතොත් සතියකට සැරයක් අලූත් ස්මාර්ට්ෆෝන් එක බැගින් නිකුත් වීම එක් උදාහරණයකි. 


ඒවගේම ඔයාලා අහලා ඇති ඉන්ෆාරඞ් තාක්ෂණය ගැන මීලගට ආවේ බ්ලූටූත් තාක්ෂණයයි. ඊලගට මේ වනවිට නැතුවම බැරි වයිෆයිx ඔන්න අලූත්ම තාක්ෂණය තමයි මේ ලයිෆයි (Li-Fi)

ලයිෆයි තුලදී බාවිතා කරන්නේ LED බල්බ් එකකින් එන ආලෝකය හරහා දත්ත සම්පේ‍්‍රෂනය කිරීමයි. මෙහි දී වයිෆයි මෙන් 100 ගුණයක් වේගයක් තිබෙනවා. එනම් ගිගා බයිට් 1 ක දත්ත ප‍්‍රමාණයක් තත්පරයක් තුල සම්පේ‍්‍රෂණය කරන්නට පුළුවන්. කොහොමද ස්පීඞ් එක නියමයි නේ. ෆිල්ම් එහෙම ඩවුන්ලෝඞ් කරන්න යන්නේ
විනාඩි 5 යි.

එහෙත් මෙහි ඇති ප‍්‍රධානම ගැටළුවනම් ආලෝකය අතරින් හරස් කලවිට දත්ත සම්පේ‍්‍රෂනය සිදු නොවීමයි. එනම් වයිෆයි වගේ බිත්ති අතරින් සිග්නල් යන්නේ නෑ. ආලෝකය පතිතවීමක් සිදුවිය යුතුයි. අනෙක් අතින් මෙය ආරක්ෂිත දත්ත සම්පේ‍්‍රෂණයක් ලෙසත් හදුන්වන්න පුලූවන්.

මුලින්ම Li-Fi තාක්ෂණය හඳුන්වා දුන්නේ ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයයකු වන Harald Haas  විසින් 2011 වසරේදීය.

මෙය හදුන්වාදී අවුරුදු 4 ක් පමණ ගතවූ අතර දැන් මෙය ස්මාර්ට් ෆෝන් වලට සහ පරිගණක වලට ස්ථාපනය කර 2020 පමන වනවිට ලයිෆයි කා අතරත් ප‍්‍රචලිතකරණු ඇතැයි විශ්ලේෂකයන් පවසනවා. මෙම තාක්ෂණයයේ විශේෂිත වූ ප‍්‍රධානම කාරනය වන දත්ත සම්පේ‍්‍රෂන වේගය නිසාවෙන් ඉදිරියේදී කාටත් සුපිරි වේගයකින් අන්තර්ජලයේ සැරි සැරීමේ හැකියාව ලැබෙනවා.

Post a Comment

0 Comments